Sunday, September 3, 2017

Story of the Blue Whale Game Challenge | මරණයේ අභියෝගය.

ඔයාලට අලුත් දෙයක් අරගෙන අදත් ආවා.අද කියන්න යන්නේ ඉතාමත් භයානක Challagne එකක් ගැනයි.ඉතින් මේකේ නම Blue Whale.


මේක මරණයෙන් අවසනාන Challagne එකක් විදියට දැනගන්න ලැබෙනවා.මේක ශ්‍රී ලංකාවේ වැඩිය ප්‍රසිද්ධ නොවුනත් ලෝකයේ බොහෝ රටාවට ඉතාමත් භීතියට පත් කරන News එකක් වෙලා තියෙනවා.දැනට ඉන්දියාව රුසියාව වගේ රටවලින් මේක ගොඩක් බලාගන්න පුළුවන්.ඒ වගේම තවත් දෙයක් තමයි රුසියාවෙන් විතරක් මේ Game එක සෙල්ලම් කරලා 120 කට වැඩිය පිරිසක් මැරිලා තියෙනවා.මේක ඇත්තටම Online Challagne එකක්.මේක Social media  හරහා තමයි කරන්න තියෙන්නේ.මේ Challagne එකට හරියටම රුසියාවේ Vkontakte සමාජ වෙබ් අඩවිය හරහා තමයි එන්නේ.ඒ වගේම කොහොම උනත් මේකට ඇතුලත් වුනාම Task පනහක් දෙනවා ඉවර කරන්න.ඒ වගේම දවස් පනහක් ඇතුලත මේක කරන්නත් ඕනේ.අන්තිම Task එක වෙනකොට තමයි මැරෙන්නේ.ඒ කියන්නේ මෙතැනදී තෝරගන්න තියෙනවා ජිවත් වෙනවද මැරෙනවද කියල.ඒවා නිරීක්ෂණය කිරීමට ඔන්ලයින් නිරීක්ශකයෙක් සිටින අතර සෑම පවරන ලද කාර්යයක් අවසානයේම ඒවා කළ බවට තහවුරු කළ හැකි ඡායාරූපයක් upload කිරීම කළ යුතුය.ඉතින් මේකෙන් මේ සෙල්ලම් කරන අයව ඉතාමත් මානසිකව වට්ටලා තියෙනවා මරණය තෝරාගන්න විදියට.
කොහොම උනත් අපිට හිතෙනවනෙ මොන එකාද මේ වගේ මෝඩ වැඩ කරන්නේ කියල.ඉතින් ඒ දේත් මේ Challagne එකේදී ඉතාමත් ශුක්ෂම විදියට වෙනවා.ලෝකයෙන් වාර්තාවෙන තොරතුරුවලට අනුව මේකට මුලින්ම තෝරාගන්නේ දුර්වල මනසක් තියෙන අයව.මේක හොයාගන්න ගොඩක් ලේසි Social Media හරහා.මොකද ලංකාවෙත් මේවගේ එක එක විකරත් යන නිසා මේ අපේ කොල්ලෝ අහු වෙන්නත් බැරි නැහැ.
මේ කොහොම හරි ඔය මේකට අහුවුණා කියන්නකෝ.මෙකට අනිවාරෙන් ඔයත් එක්ක චැට් එකට එන්න උපදේශකයෙක් එනවා.ඒ වගේම ඔයාගේ තොරතුරු අන්තර්ජාලයේ විවිධ තැන්වලින් හොයල ඔය කැමති මොනවද අකමැති මොනවද වගේ දේවල් දැනගෙන ඔයාව හොදට අන්දන විදියට ඔයත් එක්ක චැට් කරනවා.
ඒ විදියට ඔයත් එක්ක මුල්න්ම චැට් කරන ගමන් ඔයාට අර කිවුව task ටික කරන්න වෙනවා.ඒ කියන්නේ මුලින්ම පොඩි පොඩි ඒවා තමයි තියෙන්නේ.ඒ කියන්නේ උදේ පාන්දර නැගිටින්න, හොල්මන් චිත්‍රපට බලන්න,විවිධ ආකාරයේ ගීත.මේවා එයාල නිර්මාණය කරලා එවන ඒවා වගේම එයාල දෙන කාලයට මේවා බලන්නත් ඕනේ වෙනවා.ඒ වගේම මේ Challagne එකේ අය සමග චැට් කරන්න අනිත් අය එක්ක චැට්  කරන්න වගේ ඒවත් තියෙනවා.
දැන් එන්න එන්න ගොඩක් දරුණු වෙනවා.මේ විදියට මේවා කරන්න බැරි වුනොත් අතේ විවිධ පච්ච ගහන්න,කපාගන්න,වහලවල් වල නැගල Photo ගන්න,අසනීප කරගන්න.කොච්චි වලට වගේම විශාල උස ගොඩනැගිලි මුදුනට යන්න ඔය වගේ විවිධ දේවල් කරන්න කියනවා.
මේ ගැන මුලින්ම පරිඝනකයට ඇබ්බැහි වී සිටි සමාජ ආශ්‍රය ඉතාම අඩු පිරිස් බවට පසු අනාවරණ වලින් සොයා ගත්තත් පැහැදිලි කාරණාවක් සොයාගත නොහැකි විය.තමිල්නාඩුවේ 19 හැවිරිදි 'vignesh' නම් තරුණයා සිය මදුරෙයි නිවසේ සිවිලිමේ එල්ලි ගෙල වැළලාගෙන මිය ගොස් සිටි අතර ඔහුගෙ මේසය මත තිබී පොඩි ලියුම් කැබැල්ලක් සොයා ගන්නා ලදී.. එහි සදහන්ව තිබුණේ " You can enter it. But you can not exit the game" යනුවෙනි.. ඔහුගෙ එක් අතක නිල් තල්මහෙකුගෙ රුවක් කොටා තිබූ අතර ඔහු මාරක Blue whale ඔන්ලයින් ක්‍රීඩාවේ අවසන් අදියරේ සිටි අයෙකු බවට ඉන්දීයාව කියල තියෙනවා..
ඉතින් අපිට හිතෙනවා මොන ගොන් හරකද ඔය වගේ දේවල් කරන්නේ කියල.කොටින්ම මටත් හිතෙනවා.එත් වැඩේ කියන්නේ මේක කරන්නන මේ අයව පොලබවනවා.ඒ වගේම මෙයාලට විවිධ කැමති දේවල් ගැන කියල තනිකරම මෙයාලව පිස්සු වට්ටනවා.මෙයාලගේ තොරතුරු Challagne එකේ උපදේශක වරයා දැනගන තමයි ඔයත් එක්ක චැට් කරන්නේ.
අන්න ඒ විදියට ඔයාලගේ විස්තර අරගෙන මෙහෙම කරන්න කියද්දී ඔයාලව එකට ඇබ්බැහි කරගත්තම මේක කරන්න කියන කියන දේ කරනවා.
මේ විදියට Challagne එකේ ප්‍රශ්න ඔයාගේ ප්‍රශ්න මේ එවන සංගීත චිත්‍රපට වලින් ඔයාගේ මොලය උත්තේජනය කරනවා ඔයාගේ දුර්වල තැන එලියට එන විදියට.ඔන්න ඔය විදියට ඔයාට ගොඩක් ප්‍රශ්න ගොඩක් මැද තමයි අවසාන වෙනකොට එන්න වෙන්නේ.
ඒ විධියට මේ Challagne එකේ විස්තර ගොඩක් තැන් වල බලාගන්න පුළුවන්.ඒ වගේම බලාගන්න පුළුවන් මේ Task එක කරන්න මැරෙනවා, පනිනවා, කපාගන්නවා ඔය වගේ ඒව බලාගන්න පුළුවන්.
මේ Challagne එක නිර්මාණය කරලා තියෙන්නේ රුසියාවේ මනෝවිද්‍යාත්මක ශිෂයෙක් (Philipp Budeikin).මේක Social Media එකකින් තමයි එලියට ආවෙත් ඒ රටේම.( රුසියාවේ ෆේස්බුක් වලට වඩා Vkontakte සමාජ වෙබ් අඩවිය ජනප්‍රියය.. ලොව දෙවැනියට වැඩිම පරිශීලකයන් ගණනක් සිටින සමාජ වෙබ් ජාලාව මෙයයි.) කියන සමාජ ජාලා වෙබ් අඩවි රහස් ගෲපයක් ලෙස ක්‍රියාත්මක වුනු 'F57' කියන මාරක ගෲපය හරහා ආරම්භ වුනු එක්තරා online game එකක්.මුලිනම කෙනෙක්ව ඇබ්බැහි කරගෙන තියෙන්නේ 2015 වසරේ.එතනින් අමතරව දැන් ලෝකයේ ගොඩක් රටවල මේක පැතිරිලා තියෙනවා.ඒ වගේම අන්තර්ජාලයේ මේ ගැන ඇතිවෙන්න තියෙනවා.ඒ වගේම මේවා නිර්මාණයට උදවු වුන සහ ඒ සහයක කණ්ඩායම් අත්අඩංගුවට අරගෙන තියෙනවා.
මේක නිර්මාණය කරපු ඇය කියන්නේ මේ ලෝකයේ ඉන්න කිසිම වැඩකට නැති ජිවිතේ වැඩක් නැහැ කියල හිතෙන බුද්ධියෙන් අඩු පුද්ගලයින් තුරන් කරන්නේ මේ වගේ දෙයක් කරා කියලයි.
මේ දේවල් එක්කම අපිනම් game එකක් කියනකොට හොයාගෙන ගිහින් ගහන්නේ.එත් මේකෙදි  අපිව හොයන එනවා මේ game එක.මොකද අපේ තාරතුරු ගන්න නිසා විවිධ Social Media හරහා.මේක play කරන අයගෙන් අහන්න පුළුවන් මොකද මේක වෙන්නේ අරව මේවා.එත් මේ  අනුව මේ game එකේ අවසාන මොහොතේදී කරන එක තමයි Social Media වල බලන්න ලැබෙන්නේ.එතකොට ගොඩක් අය මැරිලා.ඒ වගේම සියලු ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සැකසුම් කරුවන් වන google, facebook, whatsapp, instagram, yahoo, microsoft ආදීන්ට මේ මාරක සෙල්ලමට අදාළ විය හැකි ඕනෑම ලින්කුවක් අවහිර වන ආකාරයට සිය සැකසුම් වල ආරක්ශිත බව තහවුරු කරගන්නා ලෙස දැනුම් දී තිබේ.මෙහි අවදානම කොතෙකුද යත් මෙය Clash of clan ඔන්ලයින් ක්‍රීඩාවට වඩා ඇබ්බැහිකර විය හැකි බවත් නිර්මාණශීලි සහ සිත් ලගන්නා සුලු ආකාරයේ ඉදිරිපත් කිරීමක් සමඟින් නව යෞවනයන්ගෙ අභියෝග භාර ගැනීමට ඇති කැමැත්ත ඉළක්ක කොටම සකසා ඇති ක්‍රීඩාවක් නිසා මෙයින් සිදු විය හැකි හානිය ඉතා ප්‍රබල බවට රුසියානු මනෝ විශේෂඥයන් අනතුරු ඇඟවීම් කරමින් මේ සම්බන්ධයෙන් විග්‍රහ කරලා තියෙනවා.
ඉතින් ඔයත් මේක ඔයාගේ යාළුවන්ට කියන්න වගේම ඔයාගේ අදහසත් Comment කරන්න අමතක කරන්න එපා.

No comments:
Write comments



SB made Free SMS service

Type follow 28sbmade & send massage to 40404
(100% free)

follow හිස්තැනක් 28sbmade ලෙස සදහන් කර 40404 ට කෙටි පණිවුඩයක් යොමු කරන්න.
(100% නොමිලේ)