Monday, September 4, 2017

Computers with artificial intelligence | කෘතීම බුද්ධියේ අලුත්ම තොරතුරු.

අද අපි කතාකරනවා වර්තමානයේ කෘතීම බුද්ධිය සහිත පරිගණක පිලිබදව විස්තරයක්.


ඉතින් ඔයාල දන්නවා ලෝකයේ තාක්ෂණික දියුණුව සමගම මේ කෘතීම බුද්ධිය(Artificial intelligence)සහිත පරිගණක ගොඩක් නිර්මාණය කරලා තියෙනවා.ඒ වගේම ඒවගෙන් විවිධ වැඩ කරගන්නවා.එත් මේ තාක්ෂනය තවමත් දියුණුවෙමින් පවතින තාක්ෂණයක්.
මුල් කාලයේදී තිබුන පරිගණක වලට කෘතීම බුද්ධිය විදියට වැඩ කරන්න පුළුවන්කමක් තිබුනේ වෙන්න පුළුවන් සියලුම සාධක බලල ඒ අතරින් වඩාත් තාර්කික සාධකය බලල ඒක තෝරාගෙන.හැබැයි පස්සේ කාලේදී මේක දියුණුවුණා.ඒවගෙන් කරන්නේ සාමාන්‍ය භාෂාවෙන් ලියල තියෙන දේවල් සහ Videos වගේ දේවල් බලල රූප දිහා බලල ඒවගේ දැනුම එකතු කරගන්න එක වගේම තීරණ ගන්න එක.IBM watson කියල කියන්නේ අන්න ඒ විදියේ Computer එකක්.

ඉතින් මොනා වුනත් දන්නවා අපේ මොලේ තරම් දියුණුවක් නැහැ.ඒ කියන්නේ අපිට පුළුවන් තර්කයෙන් විතරක්ම නෙවෙයි අපේ තියෙන අන්තර් බුද්ධිය භාව්ත කරලා අපිට දැනෙන දේ අනුව එක එක තීරණ වලට එන්න.ඉතින් අපේ මොලයට පුළුවන් පරණ උන සිද්දි සහ විවිධ මතකයන් ඔස්සේ අලුත්ම දෙයක් ගොඩනගන්න.ඒ වගේම ඒවා විවිධ තැන්වලට අවශ්‍ය විදියට භාවිත කරන්නත් පුළුවන්කම තියෙනවා.
දැන් ඔයාලට හිතෙනවා ඇති අපේ මොලය ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක් කියල.ඒ වගේම මේ මොලයේ ක්‍රියාවලිය පරිගණකයකට දෙනවා කියන එක ඉතාමත් ලේසි දෙයක්නම් නෙවෙයි.ඒකට එක හේතුවක් තමයි ඇත්තටම මනුස්සයන් දන්නෙත් නැහැ සමහර මොලයේ සිදුවන මේ ක්‍රියාවලි පිලිබදව.

ඔය විදියට මේ කෘතීම බිද්ධිය භාවිත කරන්න මේ පිලිබදව හොයන්න ලෝකයේ විවිධ සමාගම් වැඩකටයුතු කරන්න පටන්ගෙන තියෙනවා.Deepmind කියල කියන්නේ අන්න ඒ වගේ ආයතනයක්.මේක ඉදිරියෙන්ම හිටපු සමාගමක්.ඒ වගේම මේක Google සමාගම මිලදී ගත්ත.මේ සමාගමට පුළුවන්කම ලැබිල තිබුන ගොඩක් හොද ප්‍රතිපල ලබාගන්නත්.ඒ වගේම මෙයාලට පුළුවන් වෙලා තියෙනවා Artificial neural network එකක් හදාගන්න.ඒ කියන්නේ ස්නායු පද්ධතියක් වගේ තමයි.

ඉතින් මේකට පුළුවන්කම ලැබිල තියෙනවා කිසිම මනුස්සයෙකුගේ සහයෝගයක් නැතුව විවිධ දේවල් බලල අහල දැකල අලුත්ම දේවල් නිර්මාණය කරන්නත් සහ ඒවා අවශ්‍ය තැනට ගැලපෙන විදියට යොදාගන්නත්.අපි මේකට කරන්න පුළුවන් පොඩි වැඩ ටිකක් බලමුකෝ.
මේකට පුළුවන් අපි සෙල්ලම් කරන ඕන Game එකක් දිහා බලන් ඉදලා පොඩ්ඩක් play කරලා ඒක අපිටත් වැඩිය හොදට ඉගෙන ගන්න.මේ විදියට කරගන යනකොට ඇති වුන ප්‍රශ්නයක් තමයි මේකට පුලුවන්ද මනුස්සයෙකුට වැඩිය හොදට තීරණ ගන්න කියල.

ඒ දේ කරන්න මනුස්සයෙක් එක්කම සංසන්දනය කරන්න අවශ්‍ය වෙනවා.ඒකටත් Game එකක් යොදාගන්නවා.මුල් කාලේ අපි අහලා තියෙනව චෙස් ක්‍රීඩාව භාවිතාකරලා මේ දේවල් පරීක්ෂණය කරා කියලා.ඒත් ඒක  සිමා සහිත Game එකක්.එත් ඊටවඩා ගොඩක් සංකීර්ණ Game එකක් අරගෙන ලෝකයේ හොදටම ඒක සෙල්ලම්කරන කෙනත් එක්ක මේ පරිගණකය යොදල සෙල්ලම් කරලා බලන්න මේ සමාගම් තීරණය කරා.

ඉතින් මේකට තෝරාගත්තේ GO කියන Game  එක.මේක ඇත්තටම චීනයේ game එකක් වගේම ඉතාමත් සංකීර්ණ game එකක්.මේක ඇත්තටම මනුස්සයෙකුටත් තේරුම්  ගන්න බැරි තරම්.ඒ වගේම මේකේ තියෙන Option ගණන මේ විශ්වයේම තියෙන පරමාණු වලටත් වැඩිය වැඩි කියල දැනගන්න තියෙනවා.මේ වගේ ඉතාමත් සංකීර්ණ විශාල පරාසයක් තියෙන Game එකක් තොරගන්නකොට හරියටම මේ පරීක්ෂණය සාර්ථකව කරගන්න පුළුවන්.ඒ කියන්නේ ලෝකයේ GO game එක සෙල්ලම් කරන හොදම කෙනාවත් හරියටම ඒක දන්නේ නැහැ.මොකද මේ Game එක ගොඩක් හොද මට්ටමක තියෙනවා වගේම  ඉතාමත් විශාලයි වගේම තර්කානුකුලයි.මනුස්සයෙකුටත් තේරුම් ගන්න බැරි තරම්ම.

ඉතින් මේ Artificial neural network එක මේකට සකස් කරලා තියෙනවා.ඒ විදියට සකස් කරාට පස්සේ මේකට නම යොදල තියෙනවා AlphaGo  කියල.ගොඩක් දෙනා මේකට කිවුවේ මේක කරන්න පුළුවන් මනුස්සයෙකුට මිස පරිගණකයකට බෑ කියල.ඉතින් ඒ විදියට කිවුවත් මේකට අවසානෙදි පුළුවන්කම ලැබිල තියෙනවා මනුස්සයෙකුටත් වැඩිය හිතල තර්කානුකුල වෙලා මේ game එක play කරලා ලෝකයේ හොදම කෙනාවත් පරද්දන්න.ඉතින් එතනදී ඔප්පු වෙනවා මේ AlphaGo Computer එකට මිනුසුන්ගේ වගේම බිද්ධියක් තියෙනවා කියල.මේක කෘතීම බුද්ධියක් සහිත පරිගණක ගත්ත විශාල ජයග්‍රහණයක්.

ඊළගට අපි කවුරුත් දන්නා Facebook එකත් මේ වගේම වැඩක් කරා.මෙයාලත් ඉහල කිවුව වගේම Artificial neural network එකක් හැදුවා.ඒ වගේම එකේදී Computers දෙකක් හැදුවා.ඒ වගේම ඒවාට තනියම තොරතුරු හුවමාරු කරගන්න ඉඩ දීලා තියෙනවා.මේ විදියට කාලයක් යනකොට තේරුම් ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ Computers දෙක එයාලටම අවේනික භාෂාවක් හදාගන අපිටවත් නොතේරෙන භාෂාවකින් තොරතුරු හුවමාරු කරගන්නවා කියල.ඇත්තටම රහස් භාෂාවක්.
මේ දේවල් නිසා මේ Project එක Facebook එක විසින් නවත්තන්න හිතුව එකේ තියෙන භයානක කම නිසා.පස්සේ කලෙක තේරුම් අරගෙන තියෙනවා අපි ලග දැනට තියෙන්නේ අකාර්යක්ෂම භාෂාවක් වගේම ඒ හේතුවෙන් මේ Computers දෙක  එයාලටම අවේනික තොරතුරු හුවමාරු කරන ක්‍රමයක් වගේම ඒක ඉතාමත් කාර්යක්ෂම එකක් කියල.
ඔන්න ඔය විධියට මේ කෘතීම බුද්ධිය තියෙන Computers වලට පුළුවන්කම ලැබිල තියෙනවා මේ තර්කානුකුල සිමාවෙන් එහාට ගිහින් මනුස්සයන් වගේම හිතන්න වැඩ කරන්න වගේම අලුත් දේවල් කරන්න.
මේක ටිකක් භයානක තත්වයක් මොකද කලින් කියපු Facebook එක වගේ Computers තියෙනකොට එයාලම විවිධ දේවල් කරලා මිනිසාටත් හානිකරන්න බැරි නැහැ.ඒ වගේම ලෝකයම වුනත් පාලනය කරන්න බැරි  නැහැ.ඒ කියන්නේ මේවා මිනිසුන්ට වැඩිය වේගවත් වගේම කාර්යක්ෂමයි.

මේ මොනවා වුනත් මේවා නිර්මාණය කරේ මනුස්සයෝ.ඒක නිසා අපි බයවෙලා හරියන්නේ නැහැ.මේවා අපේ නරක දේවල් වලට ගන්නේ නැතුව අපේ වැඩ කරගන්න උපරිම ලෙස භාවිත කරන්න ඕනේ.ඉතින් අපි ඇන ගහන්න මිටිය ගන්නවා වගේම මිටියේ මරන්නත් පුළුවන්.අන්න ඒ වගේ හැම දෙකම හොද සහ නරක පැති තියෙනවා.

ඔන්න ඔය විදියට තමයි මේ කෘතිම බුද්ධියේ නවතමව විස්තර ඒ වගේම මේවා එන්න එන්නම දියුණුවෙනවා සහතිකයි.ඉතින් මේක ඔයාලගේ යාලුවන්ටත්  Share කරන්න.ඔයාගේ අදහසත් පහලින් comment කරන්න.මීලග ලිපියෙන් හමුවෙමු.

No comments:
Write comments



SB made Free SMS service

Type follow 28sbmade & send massage to 40404
(100% free)

follow හිස්තැනක් 28sbmade ලෙස සදහන් කර 40404 ට කෙටි පණිවුඩයක් යොමු කරන්න.
(100% නොමිලේ)